ඊජිප්තු අර්බුදය දිග්ගැසෙන ලකුණු

ඊජිප්තුවේ උග්‍ර වෙමින් පවතින දේශපාලන අර්බුදය ට විසඳුම් සොයමින් නොයෙක් පාර්ශව තවමත් කටයුතු කරමින් සිටිති.

ඊයේ රාත්‍රියේ ඊජිප්තු හමුදාපතිවරයා ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය පුජකවරුන් සමග සාකච්ඡා පැවැත්වූ නමුත් එය ඵලදායී නොවූ බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ.

හමුදාපතිවරයා හමුවීම සම්බන්ධයෙන් මෙම පුජකවරුන්ට බලයෙන් පහකළ ජනාධිපති මොර්සිගේ ආධාරකරුවන්ගේ විරෝධය පළ වුනා.

ඔවුන් කියා සිටින්නේ මොහමඩ් මොර්සි යළි ජනාධිපති තනතුරෙහි පිහිටුවන තුරු උද්ඝෝෂණ නතර නොකරන බවයි.

මේ අතර තුර එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් විලියම් බර්න්ස් ද ඊජිප්තු අන්තර්වාර රජය සහ මුස්ලිම් සහෝදරත්වය සමග යළි සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.