කාශ්මීරයේ උණුසුම් තත්වයක්

Image caption සිද්ධිය සැළවීමෙන් අනතුරුව පකිස්තානු විරෝධී උද්ඝෝෂණයක්

කාශ්මීරයේ ඉන්දු පකිස්තානු දේශ සීමාව අසල දී සිදු වූ වෙඩි තැබීමකින් පකිස්තානු හමුදා භටයන් දෙදෙනකු මිය ගොස් තිබේ.

කිසිදු ප්‍රකෝපකාරී සිදුවීමකින් තොර ව ඉන්දීය හමුදාව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පකිස්තානය චෝදනා කරයි.

දේශ සීමාව දෙපස දෙරටේ ම හමුදා සීරුවෙන් තබා ඇති අතර උද්ගත වී ඇති තත්වය ගැන දෙරටේ අණදෙන නිලධාරීන් දුරකථනය ඔස්සේ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සැළවීමෙන් අනතුරුව ඉන්දියාවේ පිහිටි පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස් වූ පිරිස පකිස්තානු විරෝධී උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

පකිස්තානු හමුදා නිල ඇදුමින් සැරසුණු පිරිසක් විසින් ඉන්දීය භටයන් පස් දෙනෙකු මරා දමනු ලැබූ බවට ඉන්දියාව චෝදනා කර දිනකට පසුවයි මෙම වෙඩි තැබීම සිදු වූයේ.

නමුත් පකිස්ථානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.