බුරුම ජන අරගලයෙන් විසිපස් වසරක්

Image caption විසි පස් වසරකට ඉහත සටනේ සමරු ප්‍රදර්ශනයකින්

මියන්මාරය ලෙසින් ද හැඳින්වෙන බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කළ ජන අරගලයේ විසි පස් වැනි සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ සමරු පැවැත්වෙයි.

පිටු වහලේ සිටි දේශපාලකයන් සහ හිටපු දේශපාලන සිරකරුවන් ගණනාවක් උත්සව වලට සහභාගි වන්නේ වත්මන් රජයේ නිහඬ අනුමැතිය ඇතිවයි.

විසි පස් වසරකට ඉහත පැවති බහුජන අරගලයට නායකත්වය දුන් තරුණ ශිෂ්‍යයන් හට විපක්ෂ නායිකා අවුං සාං සුචී උපහාර දැක්වූවාය.

එවක රජය විසින් උද්ඝෝෂණ මර්දනය කිරීමේදී මියගිය මරා දැමුණු සංඛ්‍යාව දහස් ගණනක්.

විපක්ෂ නායිකාව ඉල්ලා සිටියේ වෛරය අත හැර ජාතික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.