දාර්ජිලින් තේ අපනයනයට බාධා

වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින්නන් ලෝකයේ මුල් පෙලේ වෙළෙඳ නාමයක් රැගත් දාර්ජිලින් තේ අපනයනය වලක්වා ලමින් සිටින බව ඊසාන දිග ඉන්දියාවේ තේ වතු හිමියෝ පවසති.

කඳුකර බටහිර බෙංගාලයේ ස්වාධීන පාලනයක් ඉල්ලා සිටින සටන්කාමීන් විසින් තේ තොග ගුවන් තොටුපලට ළඟා වීමට සෙනසුරාදා පටන් බාධා පමුණුවා තිබේ.

ඩාර්ජීලිං වතු හිමියන්ගේ ප්‍රකාශකයකු බීබීසී යට කියා සිටියේ අවහිරය දිගටම පැවතියහොත් පොරොන්දු පරිදි තේ තොග විදේශ ගත ඉල්ලුම් කරුවන්ට ලබා දීම හෝ හැත්තෑ දහසක ශ්‍රම බලකායට වැටුප් ගෙවීම හෝ කළ නොහැකි වන බවයි.

වහාම තේ සැපයුම සිදු නොකරන්නේ නම් ඇනවුම් අත් හිටුවන බවට මේ වනවිටත් විදේශීය ගැනුම් කරුවන් කිහිප දෙනකුම තර්ජනය කොට අති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ