ස්පාඤ්ඤ මිනිස් ජාවාරමක් පොලීසියට කොටු වෙයි

ස්පාඤ්ඤයේ සිට ප්‍රංශයට අනවසරයෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් බිඳ දැමූ ස්පාඤ්ඤ පොලීසිය එහි යෙදී සිටි හැත්තෑ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජාවාරම් කරුවන් චීන ජාතිකයන් හොරෙන් යුරෝපා රටවලට සහ ඇමෙරිකාවට ප්‍රවාහනය කිරීමේ යෙදී සිටි බවයි පැවසෙන්නේ.

ඒ සඳහා එක් පුද්ගලයෙකු ගෙන් යුරෝ පනස් දහසක පමණ මුදලක් අය කර තිබේ.

බාර්සිලෝනා නගරයේ සිට ක්‍රියාත්මක වූ මෙම ජාවාරම් කල්ලියේ නායකයන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් සතුව තිබූ ව්‍යාජ ගමන් බලපත්‍ර අසූවකට වැඩි සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත.