ජපන් යුද සමරුවට චීන කොරියන් විරෝධය

ටෝකියෝවේ පිහිටි මතභේදයට තුඩු දී තිබෙන පුදසුනකට ජපාන මන්ත්‍රීවරුන් සිය දෙනකු පමණ උපහාර සඳහා පැමිණීමට විරෝධය පෑම සඳහා චීන රජය එරට ජපන් තානාපති වරයා කැඳවා තිබේ.

එම ස්මාරකය යුද්ධයෙන් මියගිය යුද අපරාධ කරුවන් ඇතුළු ජපන් ජාතිකයන් සමරන තැනක්.

දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය යටත් වීම සමරා යසුකුනි ස්මාරකය වෙත පැමිණි අය අතර කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්ද වෙති.

කෙසේ වෙතත්, ජපන් අගමැති ෂින්සෝ අබේ එහි යාමෙන් වැළකී තිබේ.

විවේචකයන් පවසන්නේ ජපානය තමන් කළ යුද අපරාධ වලට විරෝධය පෑමට දක්වන අසමත් කම මෙයින් පෙනී යන බව.

ජපානය විසින් යුද්ධයේදී ආක්‍රමණය කරනු ලැබු යාබද දකුණු කොරියාවේද සමරුවට විරෝධය පළ විය.

දකුණු කොරියානු ජනාධිපති වරයා පවසා ඇත්තේ ජපානය සිය ඉතිහාසයට මුහුණ දිය යුතු බවයි.