සංක්‍රමණිකයන් සම්බන්ධ දැඩි පිළිවෙතක් - ඕස්ට්‍රේලියාවේ විපක්ෂය

An advert on Australia asylum policy
Image caption යෝජිත නව සීමාවන් යටතේ සරණාගතයන්ට රැකියා කිරීම අතින් ද තහංචි පැනවේ

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

විපක්ෂ කොන්සර්වේටිව් පක්ෂයේ නායක ටෝනි ඇබට් සිය සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රකාශය පත් කළේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින්.

දස දහස් ගණනක් සංක්‍රමණිකයන් ගේ දේශපාලන රැකවරණ අයැදුම් පත් අධීක්ෂණය කෙරෙමින් පවතින කාලය තුළ තාවකාලික වීසා ලැබීමට පමණක් සරණාගතයන් සුදුසුකම් ලබන බවයි, ටෝනි ඇබට් පවසන්නේ.

යෝජිත නව සීමාවන් යටතේ සරණාගතයන්ට රැකියා කිරීම අතින් ද තහංචි පැනවෙන අතර , ඔවුන්ට නිත්‍ය වාස බලපත් නොදෙන බවත් ඔහු කියා සිටියේය.

ඕස්ට්‍රේලියානු කොන්සර්වේටිව් පක්ෂයේ නව වැඩ පිළිවෙල යටතේ, ප්‍රතික්ෂේප කෙරුණ අයදුම් පත් සම්බන්ධයෙන් අභියාචනය කිරීමේ අයිතියත් සරණාගතයන්ට අහිමි කිරෙමට නියමිතයි.

මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී සංක්‍රමණ පිළිවෙත මැතිවරණය දිනා ගැනීමේ තුරුම්පුවක් බවට පත් වී ඇති අතර, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ම නායකයන් දේශපාලන සරණාගතයන් පිලිබඳ මාතෘකාව තමන්ගේ වාසියට පාවිච්චි කරමින් සිටින බවයි, සිඩ්නි නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර