මුම්බායි සබ්මැරීන අනතුරෙන් මියගිය සිවුදෙනකුගේ සිරුරු හමුවේ

ඉන්දීය සබ්මැරීන අනතුර
Image caption දශක හතරකට පසු ඉන්දීයාව මුහුණ දුන් බරපතලම නාවික අනතුර මෙයයි.

මුම්බායි සබ්මැරීන අනතුරෙන් මියගිය නාවිකයන් සිවුදෙනකුගේ පිළිස්සුන සිරුරු හමුවී ඇති බව ඉන්දීය නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව ඉන්දීය නාවික බලධාරීන් පවසන්නේ ඉතිරි නාවිකයන් දාහතර දෙනාත් දිවි ගලවා ගෙන ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

‘INS සින්ධු රක්‍ෂාක් ’ සබ්මැරීනය පසුගිය බදාදා මුම්බායි නගරය අසල නවතා තිබියදී පිපිරීමකට ලක්ව මුහුදු බත් විය.

දශක හතරක කාලයක් ඇතුළත ඉන්දීයාව මුහුණ දුන් බරපතලම නාවික අනතුර මෙයයි.

‘INS සින්ධු රක්‍ෂාක් ’ සබ්මැරීනය පුපුරා යාමට හේතුව තවම සොයා ගෙන නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර