ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධවුවෙකු ඝාතනය කෙරේ

narendra dabholkar
Image caption නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක් විය.

ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධව නීතියක් සම්මත කර ගැනීමට කටයුතු කල ක්‍රියාකාරියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව බටහිර ඉන්දීය පොලිසිය පවසයි.

හැත්තෑ එක් හැවිරිදි නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී නාදුනන තුවක්කුකරුවෙකුගේ ඉලක්කයට ලක්වී ඇත්තේ, ව්‍යායාම සඳහා උදෑසන ඇවිදිමින් සිටියදිය.

ඉන්දීය ජනතාව ගුප්ත ඇදහීම් වල නිරත වන බවට විශ්වාස කල නෙරෙන්ද්‍රා දභෝල්කා ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමට කාලාන්තරයක් තිස්සේ උත්සාහ ගෙන ඇත.

ප්‍රාතිහාර්ය පාමින් භුතවේදයේ යෙදී සිටින ප්‍රවීන ඉන්දීය මන්ත්‍රාචාර්යවරුන්ට සහ අධ්‍යාත්මික නායකයන්ට ද අභියෝග කල නෙරෙන්ද්‍රා දභෝල්කා බිලිපුජා සඳහා සතුන් යොදාගන්නා ආගමික වතාවත් වලට ද සංවිධානාත්මකව විරෝධය පා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර