පකිස්තානයේ ගංවතුර.ලක්ෂ ගණනක් අනාථයි

Image caption පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය.

ධාරානිපාත මෝසම් වැස්සත් සමඟ ඇති වූ ගංවතුර නිසා දශ ලක්ෂයකට ආසන්න ජනකායක් දුෂ්කර අඩියකට වැටී සිටින බව පාකිස්තාන් නිලධාරීහු පවසති.

මේ වනවිට මරණ 139 ක් වාර්තා වී ඇති අතර,දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන් ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්,පන්ජාබ්,සින්ධු සහ බලුකිස්තාන් ප්‍රාන්තවල ගේ දොර අහිමි වූ ජනතාවට ආධාර කිරීමට සහන කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවයි කියා සිටියේ.

ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානයට තවත් දරුණු මෝසම් වැසි ඇද වැටිය හැකි බවට ද අනාවැකි පළ වෙමින් ඇත.

පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය.

මහජන දේපොළ සහ වගා බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර නොගන්නා බවට පාකිස්තාන් බලධාරීන් දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇති බවක් ද වාර්තා මගින් පැවසෙයි.