බුරුමයේ බෞද්ධයෝ මුස්ලිම් කඩ සාප්පු ගිනි තබති

Buddhist-Muslim violence in Burma (file photo)
Image caption පසුගිය මාර්තුවේ එල්ල වූ ප්‍රහාරයන් නිසා මුස්ලිම්වරුන් හතළිහක් පමණ මරුමුවට පත්විය

බුරුමයේ කන්ට්බාලු නගරයේ බෞද්ධයෝ වීදි බැස මුස්ලිම් වරුන්ගේ නිවාස සහ කඩ සාප්පු ගිනි තබන්නට පටන් ගත්හ.

ගින්න නිවා දැමීම පිණිස පැමිණ ගිනි නිවන හමුදාවේ භටයන්ද බෞද්ධ කලහකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ බවයි, වාර්තා වෙන්නේ.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ මුස්ලිම් පුද්ගලයකු විසින් බෞද්ධ කාන්තාවක දුෂණය කිරීමේ සිද්ධියක් පාදක කර ගෙනයි.

පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක හමුදා අහසට වෙඩි තබා ඇති අතර මේවන විට තත්වය සමනය කර ඇති බවයි බලධාරීන් කියා සිටින්නේ.

බුරුමයේ මුස්ලිම් සුළුතරයට එල්ලවූ අලුත්ම බෞද්ධ ප්‍රහාරය මෙය වන අතර පසුගිය මාර්තුවේ එල්ල වූ ප්‍රහාරයන් නිසා මුස්ලිම්වරුන් හතළිහක් පමණ මරුමුවට පත්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර