ඔබාමාගෙන් කැමරන්ට සිරියාව ගැන ඇමතුමක්

සිරියානු රජය රසායනික අවි භාවිතා කළ බවට ඔප්පු වුවහොත් බරපතල ලෙස ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපද ජනාධිපති ඔබාමා සහ බ්‍රිතාන්‍ය අගමැති කැමරන් එකඟතාවකට පැමිණ තිබේ.

නායකයන් දෙදෙනා දුරකථනය ඔස්සේ විනාඩි හතළිහක් තිස්සේ සිරියාව පිළිබඳ ව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

ඕනෑම දෙයකට මුහුණ දීම සඳහා ඇමරිකානු හමුදාව සුදානමින් සිටින බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ අතරතුර සිරියාවෙන් පලා ගොස් සිටින හිටපු සිරියානු විදේශ ඇමති ජිහාඩ් මක්දිස්සි බීබීසියට කියා සිටියේ විදේශීය හමුදා මැදිහත් වුවහොත් අර්බුදය තවත් උග්‍ර වන බවයි.

මෙය හිටපු විදේශ ඇමතිවරයා සිරියාවෙන් පලා යාමෙන් අනතුරුව ලබාදුන් ප්‍රථම ගුවන්විදුලි සාකච්ඡාව යි.