එක්සත් ජාතීන්ගේ සිරියානු දූත මණ්ඩලයට ප්‍රහාරයක්

පසුගිය සතියේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කෙරුණ කලාපය කරා අවි ආයුධ නිරීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, ගමන් ගනිමින් තිබුණ රථ පෙළ නාඳුනන තුවක්කු කරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු ආණ්ඩුව චෝදනා කලේ කැරලිකරුවන්ට.

එහෙත් එම චෝදනා බැහැර කරන කැරලිකරුවන් කියා සිටින්නේ ප්‍රහාරය එල්ල කෙරුණේ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් ආණ්ඩුවේ පාලන ප්‍රදේශයේ සිට තමන් අත පවතින ප්‍රදේශයට පිවිසෙමින් සිටිය දී බවයි.

මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ විදේශ ඇමති,සෙර්ගේයි ලව්රෝෆ් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ අනුමැතියෙන් තොර ව සිරියාවට එරෙහිව විදේශ හමුදා මැදිහත් කරනු ලැබුනොත් එය ජාත්‍යන්තර නීතිය ඉතා ම බරපතළ මට්ටමින් උල්ලංඝනය කිරීමක් වන බවයි.

රසායනික අවි ප්‍රහාරය එල්ල කෙරුණ කලාපයේ පැය තුනකට ආසන්න කාලයක් ගත කළ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් ඉන් පිටත්ව ගිය බවයි සිරියාවෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර