ප්‍රහාරයක අරමුණ රාජ්‍ය බලය වෙනස් කිරීම නොවේ

Image caption සිරියාවට හමුදා මැදිහත් වීමක් සඳහා සහාය ලබාගැනීම අරමුණු කොට සිදූවූ පාර්ලිමේන්තු විවාදය

සිරියාවට හමුදා මැදිහත් වීමක් සඳහා සහාය ලබාගැනීම අරමුණු කොට සිදූවූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයකදී අගමැති ඩේවිඩ් කැමරන් මන්ත්‍රී වරුන් අමතා ප්‍රකාශ කළේ ඔහුගේ යෝජනාව සිරියානු ගැටුමේ පාර්ශව කරුවකු වීම හෝ රාජ්‍ය බලය වෙනස් කිරීම් පිළිබඳව නොවන බවයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් කියා සිටියේ තමන්ගේ නායකත්වයෙන් යුතු ලේබර් පක්ෂයට රජයේ යෝජනාවට අති සැටියෙන් සහාය දිය නොහැකි බවයි.

ප්‍රමාණවත් සාක්ෂි

හමුදා මැදිහත් වීමකට ප්‍රතිපත්තිමය වශයෙන් තමන් විරුද්ධ නැති බව ඔහු අවධාරණය කර සිටියා.

අසාද් පාලනය ප්‍රහාර වලට වගකිවයුතු බවට ප්‍රමාණවත් සාක්ෂි කිසියම් ආක්‍රමණයක් සිදුවීමට පෙර සැපයිය යුතු බවයි විපක්ෂ නායකයා ප්‍රකාශ කරන්නේ.

ආක්‍රමණයකින් රට ආරක්ෂා කරගන්නට සුදානම්

සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා වලින් කියැවෙන්නේ ඕනෑම ආක්‍රමණයකින් තම රට ආරක්ෂා කරගන්නට සුදානම් බව ජනාධිපති බශාර් අල් අසාද් පවසා ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සාමාන්‍ය ජනතාව අත් විඳින පීඩාව පෙර නොවූ වීරූ ලෙස බරපතල වී ඇති බවට අනතුරු අඟවා ඇති අතර, හානියට පත් පිරිස් සිටින පළාත් වෙත යාමේ අවසරය නිර්බාධිතව සලසා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර