මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ රැකවරණය අවධානයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් ගේ ආරක්ෂාව පිළිබඳව තම ක්ෂණික අවධානය යොමුවී ඇති බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නවී පිල්ලෙයි පවසයි.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී තමා මුණ ගැසුන මානව හිමිකම් ක්‍රියාධරයන් මාධ්‍ය වේදීන් සහ ප්‍රජා කණ්ඩායම් කිසිදු ආකාරයක බියගැන්වීම් හෝ පහරදීම් වලට ලක් වීමෙන් ආරක්ෂාව සැලසීම කෙරෙහි තම කඩිනම් අවධානය යොමු කෙරෙන බව ඇය අවධාරණයෙන් කියා සිටියේ.

මහ කොමසාරිස් වරිය සිය සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ මේ මුල්ම ප්‍රකාශය කළේ, මානව හිමිකම් මණ්ඩලයේ විසිහතර වැනි සැසි වාරය ආරම්භ කරමින් ජිනීවා නගරයේදී.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ සංචාරයේදී තම නිරීක්ෂණයට හසු වූ කාරණා ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම විසි හතර වැනි සැසිවාරය අවසානයේදී ඉදිරිපත් කරන බවත් මහ කොමසාරිස් වරිය ප්‍රකාශ කරයි.

බැන් කි මූන් වාර්තාව

අන් ආගම් නොරිස්සීම, යහ පාලනය සහ නීතිමය පාලනය ද ඇතුළුව පුළුල් මානව හිමිකම් පිලිබඳ තත්වය මෙන් ම, රට තුළ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු, සංහිඳියාව, සහ යුද්ධයේ දී සිදු වූ දෑ පිලිබඳ වගකීම් ආදිය නිරීක්ෂණයෙහි ලා තම පුළුල් සංචාරයේ දී පහසුකම් සම්පාදනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට කෘතඥතාවය පළ කරන බවත් මහ කොමසාරිස් නවී පිල්ලෙයි සිය සමාරම්භක දේශනයේදී සඳහන් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය,එහි නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රනය සම්බන්ධයෙන් දැක්විය යුතු සහයෝගීතාවයට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක්

මෙම සැසිවාරයට මහ ලේකම් බන් කි මූන් විසින් ඉදිරිපත් කරන බවද මහ කොමසාරිස් වරිය පවසන්නීය

2012 ජූනි මාසයේ 16 වෙනි දා පටන් 2013 ජූනි 15 වෙනි දා තෙක් එක්සත් ජාතීන් සමඟ එසේ සහයෝගයකින් ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව එල්ල වූ පහර දීමේ සහ බිය ගැන්වීමේ සිද්ධීන් පිළිබඳවත්එම වාර්තාවට ඇතුළත් කර ඇති බව ඇය ජිනීවා සමුළුවට කියා සිටියාය.