රුසියානු-ප්‍රංශ සාකච්ඡා අසාර්ථකයි

Image caption ප්‍රංශ සහ රුසියානු විදේශ ඇමතිවරු

සිරියාවට එරෙහිව දැඩි පියවරක් ගැනීම සඳහා රුසියාව නම්මා ගැනීමට, ප්‍රංශය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

දෙරටේ විදේශ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී ප්‍රංශ විදේශ ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ සිරියානු රජයේ හමුදා රසායනික අවි භාවිතා කර ඇති බවයි.

වරද සිරියානු රජය මත පැටවීමේ අදහසින් කැරලිකරුවන් එම ප්‍රහාරය එල්ල කරඇති බවයි රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් කියා සිටින්නේ.

සිරියාව සතු සියලු ම රසායනික අවි භාර දිය යුතු බවට එක්සත් ජාතීන් කළ නියෝගය තුළ හමුදා ක්‍රියා මාර්ගයක් පිළිබඳ තර්ජනය ඇතුළත් නොවිය යුතු බව රුසියාවේ මතයයි.

මෙම සාකච්ඡා පැවැත්වුණේ මොස්කව් නුවරදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර