'න්‍යෂ්ඨික අවි තනන්නේ නැහැ' -ඉරාන ජනාධිපති

  • 2013 සැප්තැම්බර් 19

ඉරානය කිසි දිනෙක න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නො කරන බවට ඉරානයේ නව ජනාධිපති හසන් රෝහානි ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද රුපවාහිනී නාලිකාවකට සාකච්ඡාවක් ලබා දෙමින් ඉරාන ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ ජනාධිපති ඔබාමා මෑතක දී තමාට එවන ලද ලිපිය ශුභවාදී සහ සාධනීය බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදව කටයුතු කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සතු කැමැත්ත පිළිබඳව නේටෝ සංවිධානයේ ප්‍රධානී ඇන්ඩස් රස්මුසෙන් සතුට පළ කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා ලබන සතියේ දී නිව්යෝර්ක් නුවර බලා යාමට නියමිතයි.