ඉන්දීය මහ බැංකුවේ පොලී අනුපාතය ඉහලට

  • 2013 සැප්තැම්බර් 20
Image caption මේ බව නිවේදනය වීමත් සමඟම ඉන්දීය කොටස් වෙළඳ පොළේ මිල දර්ශකය 2.6% කින් පහත වැටුණි.

ඉන්දියාවේ උද්ධමනය අඩු කිරීමේ අරමුනින් එරට මහ බැංකු පොලී අනුපාතය 0.25% කින් ඉහල නංවා තිබේ.

මේ අනුව ඉන්දීය මහ බැංකුවේ නව පොලී අනුපාතය 7.50% ක් වන අතර අලුතින් පත් වූ ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ගෙන ඇත්තේ අනපේක්ෂිත පියවරක් බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ.

පොලී අනුපාතය ඉහල දැමීම තුළින් රටේ උද්ධමනය ඔරොත්තු දෙන මට්ටමකට ගෙන ආ හැකි බවයි ඉන්දීය මහ බැංකුවේ නව අධිපති රඝුරාම් රාජන් කියා සිටියේ.

නමුත් මේ බව නිවේදනය වීමත් සමඟම ඉන්දීය කොටස් වෙළඳ පොළේ මිල දර්ශකය 2.6% කින් පහත වැටුණි.

ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගයද මෑතකදී සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණ වූ අතර රටේ ආර්ථික වර්ධනයද පහත වැටී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර