බීමත් ගුවන් නියමුවා වරද පිළිගනී

  • 2013 සැප්තැම්බර් 20

ගුවන් යානයක් ගමන් ආරම්භ කිරීමට සූදානමින් තිබියදී අධික ලෙස බීමත්ව සිටි බවට චෝදනා ලද නියමුවෙක් ඒ සඳහා වරද පිළි ගත්තේය.

පාකිස්තාන් ජාත්‍යන්තර ගුවන් සේවයේ(PIA) නියමු ඉර්ෆාන් ෆයස්ට එරෙහිවයි, එම චෝදනාව නඟා තිබුනේ.

ගුවන් නියමු ඉර්ෆාන් ෆයස්,එංගලන්තයේ ලීඩ්ස් නගරයේ උසාවියක් වෙත ඉදිරිපත් කෙරුන අතර, ඔහු ගුවන් නියමු කුටිය තුළ දී අත්අඩංගුවට ගනු ලැබූ බවයි කියවුණේ.

එංගලන්තයේ ලීඩ්ස්-බ්‍රැඩ්ෆර්ඩ් ගුවන් තොටුපොළේ සිට පාකිස්තානය බලා පියාසර කිරීමට නියමිතව තිබුණ ජෙට් ගුවන් බසයේ නියමුවා හැටියට කටයුතු කිරීමට නියමිතව සිටි ඉර්ෆාන් ෆයස් අත් අඩංගුවට ගෙන තිබුනේ,මත්පැන් ගඳ සහ ඔහුගේ පය පැකිළෙමින් තිබෙනු දැකීමෙන් අනතුරුවයි.

නියමුවා නියමිත ප්‍රමාණයට වඩා හතර ගුණයක මත්පැන් පානය කර සිටි බවයි පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන්නේ.

මේ සිද්ධිය නිසා ගුවන් මගීන්ට පැය කීපයක්ම ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදු වී තිබුණි.