කෙන්යාවේ වෙඩි තැබීමකින් විසි දෙනකු මරුට

  • 2013 සැප්තැම්බර් 21

කෙන්යාවේ නයිරෝබි අගනුවර වෙළෙඳ පොළකට කඩා වැදුණ තුවක්කු කරුවන් කණ්ඩායමක් සිදු කළ වෙඩි තැබීමකින් අඩු තරමින් විසි දෙනකු වත් මරණයට පත් ව ඇති බව කෙන්යානු රතු කුරුස සංවිධානය පවසයි.

තවත් පුද්ගලයන් ගණනාවක් තුවාල ලද බවත්,ජාත්‍යන්තර රතු කුරුසය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පැය දෙකකට පසුවත් වෙඩි හඬ ඇසුන බව වාර්තාකරුවෝ කියා සිටිති.

කළු ඇඳුමින් සැරසී මුහුණු ආවරණය කර ගත් ප්‍රහාරකයන් වෙඩි තබමින්.අත් බෝම්බ වලින් දමා ගසමින් ප්‍රහාරය ආරම්භ කර තිබුන අතර,ඒ සමඟ වෙළෙඳ පොළෙහි දක්නට ලැබෙන්නේ ඉතාම ව්‍යාකූල තත්වයකි.

යුද හමුදාව අදාළ කලාපය වට කළ අතර හමුදා හෙලිකොප්ටර් යානයක් සහ සන්නද්ධ රථ එහි නතර කර තිබෙනු දක්නට ලැබුණි.

ප්‍රහාරය එල්ල වූ ‘වෙස්ට්ගේට්’ වෙළෙඳපොළ විදේශීය තානාපති නිලධාරීන්ගේ පවා ජනප්‍රිය ස්ථානයකි.

වෙළෙඳ පොලේ පාලනය තමන් අතට ගත් බව කෙන්යා අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.