ගුවන් මගීන් බඩේ රන් බිජු

  • 2013 සැප්තැම්බර් 25

රත්‍රන් කැබලි විසි පහක් කුස තුළ සඟවා ගෙන රටින් පිට වීමට තැත් කළ හත් දෙනෙක් කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එක්ස් රේ පරීක්‍ෂණ මගිනුයි ඔවුන් රත්‍රන් කැබලි ගිල සිටි බව අනාවරණය වී තිබෙන්නේ.

ඔවුන් ගුවන් තොටුපළේ දී ගෙවිය යුතු අපනයන ගාස්තු මග හැරීමේ උත්සාහයක නිරත වී යයි සැලකෙන අතර, ඉන්දියාව බලා යන ගුවන් යානයකට පිවිසීමටයි සැලසුම් කර තිබුණේ.

සැකකරුවන් රෝහල්ගත කර සිටින අතර, කුසෙහි ඇති රත්‍රන් කැබලි ගුද මාර්ගයෙන් ඉවත් කර ගැනීමේ අදහසින් ඔවුන්ට කෙසෙල් ගෙඩි, මී කිරි, අමු පොල් සහ හාල් පිටි කවමින් ඇති බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, සැකකරුවන් දෙදෙනකුගේ කුසෙහි වූ රන් කැබලි හතරක් මේ වන විට එළියට පැමිණ ඇති නමුත්, ඒවායේ වටිනාකමක් ඇතැයි නො සිතන බවයි සඳහන් කළේ.