නේපාල මී පැණි උළෙල ඇරඹෙයි

Image caption මී වද කඩා පැණි එකතු කර ගන්නේ, ආදිවාසී ජනතාව පාවිච්චියට ගත් පෞරාණික පන්නයේ උපකරණ යොදා ගනිමින්.

නේපාලයේ මී පැණි උළෙල දැන් ආරම්භ කෙරී ඇත. බ්‍රහස්පතින්දා ආරම්භ කෙරුණ මී පැණි උළෙල ඉරිදා දක්වා පැවැත්වෙයි.

පූර්ණ සහ අර්ධ කාලීන මට්ටමින් මී පැණි කර්මාන්තයේ නිරත හැත්තෑ දහසකට අධික ජනතාවක් මේ වනවිට නේපාලයේ සිටින බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

ඔවුන් විසින් වසරකට නිපදවනු ලබන මී පැණි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200 ඉක්මවයි.

නේපාලය මී පැණි වර්ග විස්සක් පමණ නිෂ්පාදනය කරන බවත් මී පැණි උළෙලේ සංවිධායකයෝ පවසති.

හිමාල අඩවියේ වනාන්තර වලින් එක්රැස් කර ගනු ලබන නියම නේපාල මීපැණි ඉහළ ඖෂධීය ගුණයකින් යුක්ත යයි සැලකෙයි.

වනය පීරා යන නේපාල ගෝත්‍රික ජනතාව මී මැසි වද කඩා පැණි එකතු කර ගන්නේ, ආදිවාසී ජනතාව පාවිච්චියට ගත් පෞරාණික පන්නයේ උපකරණ යොදා ගනිමින්.