ලිබියානු හමුදාවට දැවැන්ත ප්‍රහාරයක්

Image caption ගඩාෆි හමුදා පරාජය කරනු ලැබුනත් ලිබියානු භූමියේ සන්නද්ධ කණ්ඩායම් තවමත් ක්‍රියාත්මක බව

ත්‍රිපොලි අගනුවර දකුණු කලාපයෙහි යුද හමුදා මුරපොලකට තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබුණ ප්‍රහාරයක දී සොල්දාදුවන් පහළොස් දෙනකු මරණයට පත් වූ බව ලිබියානු රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය නිවේදනය කරයි.

බානි වලිඩ් සහ ටර්හුනා (Bani Walid and Tarhuna) යන නගර දෙක අතර මහා මාර්ගයක දී අද පාන්දර ප්‍රහාරය එල්ල කෙරුණ බවයි, ලිබියානු රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ.

ප්‍රහාරයේදී මරණයට පත් සොල්දාදුවන්ට අමතරව තවත් හතර දෙනෙක් වත් තුවාල ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රහාරකයන් ස්වයංක්‍රීය තුවක්කු ඇටවූ වාහන වලින් පැමිණි බවයි,යුද හමුදා නිලධාරියකු උපුටා දක්වන වාර්තා මගින් පැවසෙන්නේ.