නේපාලයේ රයිනෝසිරස් දඩයමේ යෙදුණු කල්ලියක් කොටුවෙයි

රයිනෝසිරස් දඩයමේ යෙදුණු කල්ලියක දාහතර දෙනකු අත්අඩංගුවට ගත් බව නේපාලයේ නිලධාරීහු පවසති.

නේපාලයේ වන සත්ව ආරක්ෂණ නිලධාරියකු වන කමල් ජුන්ග් කුන්වාර් බීබීසියට ප්‍රකාශ කරන්නේ, දේශ සීමාව අතර ජාවාරම්වල නිරත වූ කල්ලි නායකයකු ද අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටින බවයි.

පසුගිය අවුරුදු හය ඇතුළත රයිනොසිරස් ජීවීන් දොළහකට අධික ගණනක් මරා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඖෂධීය වටිනා කමක් නැතත් නැගෙනහිර ආසියාවේ සාම්ප්‍රදායික බෙහෙත් වර්ග සැදීමට රයිනොසිරස් ජීවීන් ගේ අඟ ලබා ගැනීමට එම දඩයම් සිදු කෙරන බවයි, ලෝක වන සත්ව අරමුදල කියා සිටියේ.