නොබෙල් සාහිත්‍යය සම්මානය ඇලිස් මන්රෝට

Image caption මන්රෝගේ බොහෝ කෙටිකතා ගෙතී ඇත්තේ ගැමි කාන්තා චරිත පදනම් කර ගෙනයි.

සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කැනේඩියානු ලේඛිකා ඇලිස් මන්රෝ වෙත පිරිනැමෙන බව ඔස්ලෝ නොබෙල් කමිටුව විසින් නිවේදනය කරනු ලැබුණි.

දැනට අසූ දෙහැවිරිදි වියේ පසුවෙන ඇලිස් මන්රෝ වඩාත් ජනප්‍රියව සිටින්නේ,ඇය විසින් රචනා කොට පළ කරනු ලැබ ඇති කෙටිකතා සම්බන්ධයෙන්.

මන්රෝගේ බොහෝ කෙටිකතා ගෙතී ඇත්තේ ගැමි කාන්තා චරිත පදනම් කර ගෙනයි.

ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ නිරතව සිටින ඇලිස් මන්රෝ,ඇයගේ ජීවිත කාලය තුල සාහිත්‍යය සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති මෙහෙය වෙනුවෙන් 2009 වසරේදී මෑන් බුකර් ජාත්‍යන්තර සම්මානයෙන් ද පුද ලද කතුවරියක්.

නිර්මාණ සාහිත්‍යකරණය අතින් නමක් තැබූ අපේ යුගයේ විශිෂ්ටයන් අතළොස්ස අතරට එක්වෙන ඇලිස් මන්රෝ,තවත් විචාරිකාවක වන සින්තියා ඔෂික් විසින් විග්‍රහ කරන ලද්දේ “අපේ යුගයේ චෙකෝව්" යනුවෙන්.

නොබෙල් කමිටුව ඇයට සාහිත්‍යය තිළිණය පුදමින් කියා සිටියේ “ඇලිස් මන්රෝ නූතන කෙටිකතාවේ විශේෂඥවරිය” වන බවයි.