පයිලින් කුණාටුවෙන් පස් දෙනෙක් මිය යති

ෆය්ලින් (Cyclone Phailin) කුනාටුව ඉන්දීය නැගෙනහිර වෙරළ තීරයට හඹා එයි.

සුළගේ වේගය පැයට සැතපුම් දෙසීයක් බව කාලගුණ විද්‍යා නිලධාරීහු පවසති.

ඔරිස්සා ප්‍රාන්තය හරහා කුණාටුව හමා යමින් පවතියි.

මුලින් ලැබුන වාර්තාවලට අනුව පස් දෙනකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු මිය ගොස් ඇත්තේ ගස් වලට යට වීමෙන්.

ෆය්ලින් (Cyclone Phailin) කුණාටුවෙන් බේරීම සඳහා ඉන්දියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයෙන් ලක්ෂ පහක් පමණ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් රැකවරණ ගෙන සිටිති.

ඉන්දියානු බලධාරීන් කුණාටුව අතිශයින්ම අනතුරුදායක බවට අනතුරු අඟවා තිබූ අතර තමන් ඊට මුහුණ දීමට සූදානමින් සිටි බවයි නිවේදනය කළේ.

1999 වසරේ හමා ගිය දරුණු කුණාටුවකින් ඔරිස්සාවේ පහළොස් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය.