ෆයිලින් අනාථයන් යළි ගම් බිම් කරා

ඔරිස්සා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ඔස්සේ හමා ගිය ‘ෆයිලින්’ කුණාටුවේ අනතුර ඉදිරියේ ආරක්ෂාව සඳහා වෙනත් තැන්වලට යවනු ලැබුණ ලක්ෂ ගණනක් ජනතාව ආපසු සිය නිවෙස් කරා පැමිණෙමින් සිටින බවයි,ඉන්දියාවෙන් වාර්තා වෙයි.

එහෙත් ඔවුන් ආපසු පැමිණෙන විට ගෙවල් දොරවල් සහ ඒවායේ තිබුණ දේවල් විනාශ වී තිබීම නිසා ජනතාවට තාවකාලික නවාතැන් වල රැඳී සිටීමට සිදුව ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

කුණාටුව නිසා සිය නිවෙස විනාශ වී ගිය ධීවර කාන්තාවක් කියා සිටියේ තමා කැඳ සහ හකුරු වලින් ජීවිතය ගැට ගසා ගන්නා බවයි.

ෆයිලින් අවුරුදු දාහතරක කාලයක් ඇතුළත ඉන්දියාවට එල්ල වූ දරුණුම කුණාටුවයි.

සෙනසුරාදා එල්ල වූ ‘ෆයිලින්’ කුණාටුවෙන් විසි දෙදෙනකු මරණයට පත් වූ බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මහා පරිමාණයේ සහන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර