ගඩාෆි පුතුට නඩු

ලිබියාවේ හිටපු නායක ගඩාෆි ගේ පුත් සායිෆ් අල් ඉස්ලාම් ට එරෙහිව අපරාධ චෝදනා රාශියක් ගොනු කර ඇති බව එරට නීතිපති වරයා නිවේදනය කළේය.

ඒ සමගම ගඩාෆි පාලනයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් කිහිප දෙනෙකුටද නඩු පවරා ඇති බව වාර්තා විය.

වසර 2011 දී ඇති වූ මහජන නැගිටීම් මර්දනය කිරීම සඳහා මිනිස් ඝාතනයේ යෙදුණු බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

ලිබියාවේ අපරාධ අධිකරණයේ දී මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.