ටිටෝ බිරිඳ ජොවන්කා බ්රෝස් ගේ අවමංගල්‍යයට හමුදා ගෞරව

ජනාධිපති මාර්ෂල් ටිටෝ ගේ බිරිඳ වූ ජොවන්කා බ්රෝස් (Jovanka Broz) ගේ අවමංගල්‍යය දහස් ගණනකගේ සහභාගිත්වයෙන් බෙල්ග්‍රේඩ් නගරයේදී පැවැත්විණ.

පුර්ණ හමුදා ගෞරව සහිතව ආදාහනය කළ ඇයගේ අවසන් කටයුතු සයිබීරියානු අගමැති ඉවිකා ඩසික් ගේ මුලිකත්වයෙන් සිදුවිය.

පසුගිය සතියේදී මියයන විට 88 වියේ පසුවූ ඇය කාන්තාවගේ ප්‍රතිමුර්තියක් ලෙස යුගෝස්ලාවියානු ජනතාවගේ ආදරයට ලක්වී සිටියාය.

1980 දී ටිටෝ ගේ මරණයෙන් පසුව තනිව ජීවත්වූ ජොවන්කාගේ දේහය, ඇයගේ සැමියාගේ දේහය අසලින්ම තැන්පත් කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබිණ.