ශ්‍රී ලංකා සභාපතිත්වයට නවසීලන්තයේ ඇම්නස්ටි විරෝධය

Amnesty International
Image caption තිස් දහසක පමණ පිරිසක් පෙත්සමට අත්සන් කොට තිබේ

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුවේ සභාපතිත්වය ලබා දීමට විරෝධය පළ කරන පෙත්සමක් නවසීලන්ත පාර්ලිමේන්තුවට එරට ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය විසින් භාර දී තිබේ.

තිස් දහසක් පමණ දෙනා අත්සන් කොට ඇති මෙම පෙත්සමට කම්කරු, හරිත සහ මුල් වාසීන්ගේ පක්ෂ සහාය පළ කරන බව සංවිධායකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ගේ සමුළුවට සහභාගි වීම තුලින් රෝහල් වලට හිතා මතා පහර දීම, යුධ මුක්ත කලාපයේ දී සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීම, සහ අතුරුදහන් කිරීම් වලට අනුමැතිය පළ කරන බව නවසීලන්තයේ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර