ඉරාන් න්‍යෂ්ටික සාකච්ඡා මේසයේ මතභේද

ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජිනීවා නගරයේ පැවැත්වෙන බහු පාර්ශවීය සාකච්ඡාවන්හි මතවාදී බෙදීමක් උද්ගතව ඇතැයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසයි.

ජිනීවා සාකච්ඡාවන්හිදී ප්‍රංශ දූත මණ්ඩලයට නායකත්වය දෙනු ලබන්නේ,විදේශ ඇමති ලෝරාන් ෆබියු(Laurent Fabius)විසින්.

ප්ලුටෝනියම් නිපදවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරික මධ්‍යස්ථාන වසා දමන මෙන් මෙන් කෙරෙන ඉල්ලීම්වලට එරෙහි වෙන ඉරානය ඔවුන් සතු අධි බලැති යුරේනියම් තොග උපයෝගී කර ගනිමින් පරමාණු බෝම්බයක් නිපදවිය නොහැකි බව කියා සිටින බවයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසන්නේ.

ඉරානයෙන් කාල නියමයක්

ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි Abbas Araqchi) අවධාරණයෙන් කියා සිටියේ,සාකච්ඡා අද සෙනසුරාදා ,නිම කෙරෙන බවයි.

අද දවස නිමාවේ ගිවිසුමකට ඒමට නොහැකි වුනොත්, ඉතිරි කාරණා සම්බන්ධයෙන් අනාගතයේදී සාකච්ඡා කිරීමට සිදු වෙන බවයි , ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි පවසන්නේ.

මීළඟ සාකච්ඡා වටය ඉදිරි සතිය හෝ දවස් දහයක් ඇතුළත යළි කැඳවිය හැකි බවයි, මේ අතර ඉරාන් විදේශ ඇමති ,මොහොමඩ් ජවාඩ් ෂාරිෆ් ප්‍රකාශ කළේ.