මාලදිවයින් මැතිවරණයේ දෙවැනි වටය යලිත් කල් යයි

මාලදිවයිනේ ජනපතිවරණය
Image caption ඊයේ මැතිවරණයේදී මොහමඩ් නෂීඩ් 47% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය

මාලදිවයිනේ ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යලිත් වරක් කල් දමනු ලැබීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය බරපතල අවධානය පළ කරයි.

සෙනසුරාදා පැවති මැතිවරණයේදී හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් 47% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඉදිරියෙන් සිටින නමුත්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50% ක ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට කිසිවෙකුත් සමත් නොවීම හමුවේ දෙවැනි වටයේ ඡන්ද විමසීම අදට නියමිතව තිබුණි.

එහෙත් අපේක්ෂක අබ්දුල්ලා යමීන් ඉදිරිපත් කළ විරෝධය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කල් දැමීමට තීන්දු කළේය.

ඊයේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය මත පදනම්ව දෙවැනි වටයේ මැතිවරණය පැවැත්වීම මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් බව පවසන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක යෙන් සාකි, ඉතා උනන්දුවෙන් මැතිවරණයට සහභාගි වීම මගින් රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයමාලදිවයිනේ ජනතාව පෙන්වා දී තිබෙන බවද පවසයි.

එබැවින් දෙවන වටයේ ඡන්ද විමසීම වහාම පැවැත්වීමේ අවශ්‍යතාවය ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර