ලිබියාවේ යළිත් ගැටුම්

Image caption සන්නද්ධ කණ්ඩායම් ත්‍රිපොලි අගනුවරින් පිටවිය යුතුයයි බල කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක්.

ත්‍රිපොලි අගනුවර අධි සන්නද්ධ ප්‍රතිවිරුද්ධ සේනාංක සහ‘මිස්රාටා’(Misrata)නැගෙනහිර නගරයේ සේනාංක අතර ගැටුම් සිදු වූ බව ලිබියාවෙන් වාර්තා වෙයි.

අඩු තරමින් හතළිහක්වත් මරා දමමින් හාරසීයකට පමණ තුවාල සිදු කරමින්, සිකුරාදා සිදු වූ බිහිසුණු ගැටුම් වලින් පසුව මෙම අලුත් ගැටුම් ආරම්භ වූ බවයි, ලිබියානු නිලධාරීන් පවසන්නේ.

සෙනසුරාදා සිදු වූ අළුත් ගැටුමේදී ‘මිස්රාටා’ හමුදා කිලෝමීටර් පහළොවක් දුරට පසු බස්වා ඇති බවයි, බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කරන්නේ.

වෙඩි හුවමාරුව දිගටම පවතින බවටත් වාර්තා ලැබෙමින් තිබුණි.

උපරිම සංයමයෙන් කටයුතු කරන මෙන් ලිබියාවේ අගමැති, අලි ෂෙයිඩන්(Ali Zeidan) සියලු පාර්ශව වලින් මේ අතර ඉල්ලීමක් කරයි.