දැඩි සේ සාම්ප්‍රදායික බංග්ලාදේශයට සම ලිංගිකත්වය යන්න තහනම් වචනයක්.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිවෙන රටේ නීති අනුව සමාන ලිංගිකයන් අතර සබඳතා දස වසරක් දක්වා වන සිර දඬුවම් ලැබිය හැකි වරදක්.
සැලසුම් සහගතව සමලිංගිකයන් දණ්ඩනයට පමුණුවා ලීමක් සිදු නොවෙතත් පුළුල් සමාජය තුල ඒ පිලිබඳ කතා බහක් නැති තරම්.
එසේ වෙතත්, මේ මුස්ලිම් බහුතරයකින් සැදුම් ලත් දේශයේ තරුණ සමකාමීහු අන්තර්ජාල සමාජ මාධ්‍ය යොදා ගනිමින්, තමනට පිළිගැනුමක් ලබාගැනීම සඳහා සෙමින් සෙමින් උද්ඝෝෂණයක් ආරම්භ කරමින් සිටිති.
ඩකා අගනුවරට ගොස් ඔවුන් මුණ ගැසුණු බීබීසී වංග සේවයේ ෆර්හානා පර්වීන් කළ කතා බහ සිංහලට නැගුවේ එල්මෝ ප්‍රනාන්දු.