එදා තරම් අද ළමයින්ට 'දුවන්න බැහැ’

බොහෝ දරුවන්ට තම දෙමාපියන් බාල වියේ දී දිවූ තරම් වේගයෙන් හෝ එතරම් දුර හෝ දුවන්නට නො හැකි බව ලොව පුරා කෝටි සංඛ්‍යාත දරුවන් යොදා ගෙන කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් මේ සඳහා රටවල් විසි අටක ළමුන් කෝටි විසි පහක ගේ දත්ත පරීක්ෂා කොට තිබේ.

ඔවුන්ගේ සොයා ගැනීම් අනුව අද දරුවන් සැතපුමක් දිව යන්නේ තිස් වසරකට පෙර තම වැඩිහිටියන් ඒ සඳහා ගත කළ කාලයට විනාඩි එකහමාරක් වැඩියෙන්.

වාර්තාවේ කතු වරුන් පවසන්නේ තරබාරුව මීට එක හේතුවක් බව.

ප්‍රමාණවත් ලෙස ව්‍යායාමයේ යෙදුනේ නැතිනම්, තරුණ පරපුර අනාගත සෞඛ්‍ය ගැටළු ගබඩාවක් විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.