න්‍යෂ්ඨික වැඩසටහන අත් හරින්නේ නෑ - ඉරානය

න්‍යෂ්ඨික වැඩසටහනක් පවත්වා ගෙන යාමේ සිය අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටින බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි ප්‍රකාශ කරයි.
ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ සහ ලෝක නායකයන් අතර ජිනීවා නුවරදී සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදීයි ඔහු ඒ බව කියා සිටියේ.
"හැම දේකටම සීමාවක් තියෙනව. ඒ සීමාවන් සලකා බැලිය යුතුයි. ඒ සීමාවන් සලකා බැලීමට ඔවුන් බැඳිලා ඉන්න බවත්, සතුරාගේ ඝෝෂාවට බිය විය යුතු නැති බවත් මම නිලධාරීන්ට පැහැදිලි කළා," බවයි ආධ්‍යාත්මික නායකයා පවසන්නේ.
අයතොල්ලා අලි කමේනි සිය ප්රකාශයේදී ඊශ්‍රායලය හඳුන්වා දුන්නේ කලාපයේ පිස්සු බල්ලා ලෙසින්.
එහෙත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව පවසන ප්‍රංශය මෙවැනි ප්‍රකාශ මගින් සිදු වන්නේ සාකච්ඡා තවත් සංකීර්ණ වීම බවද සඳහන් කළේය.
න්‍යෂ්ඨික වැඩ සටහන අත් හැර දමන්නේ නම් ඉරානයට එරෙහිව පණවා තිබෙන සම්බාධක තරමක් ලිහිල් කිරීමේ තාවකාලික සම්මුතියකට එළඹීම ජිනීවා නුවර පැවැත්වෙන සාකච්ඡාවල අරමුණයි.