ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැතිනි ඉල්ලා අස් වනු - තායිලන්ත උද්ඝෝෂකයෝ

අගමැතිනි ඉන්ග්ලක් ෂිනවත්ට පදවියෙන් ඉල්ලා අස් වන මෙන් බල කරමින් ආණ්ඩු-විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර පිහිටි මුදල් අමාත්‍යංශයේ කොටසක් අත් පත් කර ගෙන සිටිති.

උද්ඝෝෂකයන් අමාත්‍යාංශය වට කිරීම ආයෝජක විශ්වාසයක බිදවැටීමට සහ සංචාරක කර්මාන්තයට බල පෑ හැකි බවට අගමැතිනිය එයට ප්‍රතිචාර වශයෙන් කියා සිටියාය.

දස දහස් සංඛ්‍යාත විරුද්ධ පක්ෂ ආධාරකරුවන් අගනුවර පුරාම උද්ඝෝෂණවල නිරතව සිටින අතර, ඔවුන් අගමැති කාර්යාලය බලා ගමන් කරමින් සිටින බවයි බැංකොක් නුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

අගමැතිනි ඉන්ග්ලක් ගේ ආණ්ඩුව, ඇයගේ සොහොයුරා වන බලයෙන් පහ කෙරුණු හිටපු අගමැති තක්ෂින් ෂිනවත් විසින් පාලනය කරනු ලබන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.