Comet Ison
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිසෝන් වල්ගා තරුව හිරුට ළඟා වෙයි

සුර්යයා ට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත ධූමකේතුවක් විනාශ නොවී ගැලවී යා දැයි දැක ගැනීමට ලොව පුරා තාරකා ශාස්ත්‍රඥයෝ සැදී පැහැදී සිටිති.

අයිසෝන් වල්ගා තරුව හිරුට වඩාත් සමීපයෙන් ගමන් ගනු ඇත්තේ බ්‍රහස්පතින්දා රෑ යාමයේ.

ඒ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිට සක්වලින් ඇරඹු අවුරුදු පනස් පන් ලක්ෂයක ගමනකින් අනතුරුවයි.

රාජකීය තාරකා විද්‍යාඥ සංගමයේ ආචාර්ය රොබට් මැසී පවසන්නේ එහි දර්ශනය මනස්කාන්ත එකක් වනු ඇති බවයි.

පියවි ඇසින්ද දැක ගත හැකි වුවත්, දුර දක්නයක් ඇතොත් ධුම කේතුවේ හිසත්, එතනින් විහිදෙන වල්ගයත් දැක ගත හැකි බවයි ඔහු පවසන්නේ.

සුර්යයාගේ ගුරුත්වාකර්ෂණයෙන් විනාශ වී නොගියොත් ඉදිරි සතිය දෙක තුල අයිසෝන් වල්ගා තරුව රාත්‍රී අහසේ දැක ගත හැකියි.