ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පකිස්ථාන නව හමුදාපති පත් කෙරෙයි

පකිස්ථානයේ නව හමුදා ප්‍රධානියා ලෙස ජෙනරාල් රහීල් ෂරීෆ් රාවල්පින්ඩි හිදී පැවති උත්සවයකදී දිවුරුම් දුන්නේය.

ජනරාල් ෂරීෆ් පක්ස්තානයේ බලගතුම පදවියක් වන හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී පදවියට පත් වන්නේ ජනරාල් අශ්ෆාක් කයානි විශ්‍රාම යාමත් සමගයි.

පාකිස්තානයේ කලාපීය ප්‍රතිවාදියා වන ඉන්දියාවෙන් එල්ල වන මූලෝපායික තර්ජනය සහ තාලිබාන් ව්‍යාපාරයෙන් එල්ල වන තර්ජනය එක හා සමාන බව හමුදාවට අවබෝධ කිරීම පිළිබඳව ජනරාල් ෂරීෆ් ප්‍රසංශාවට ලක් වී සිටින්නෙක්.

ජෙනරාල් ෂරිෆ් ට වඩා ජ්‍යෙෂ්ඨතත්වයෙන් ඉහල ජනරාල්වරුන් දෙදෙනකුද සිටියදී අගමැති නවාස් ෂරීෆ් විසින් ඔහු හමුදා ප්‍රධානී පදවියට පත් කරනු ලැබීය.