තායිලන්ත හමුදා මූලස්ථානයේ උද්ඝෝෂණයක්

Thai protest
Image caption තමන් ගෙන යන අරගලයට සහය දෙන්නැයි ඔවුහු හමුදාවෙන් ඉල්ලා සිටියහ

තායිලන්ත යුධ හමුදා මුලස්ථානයට අනවසරයෙන් ඇතුල්වූ සිය ගණනක් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ රැළියක් පැවැත්වුහ.

යින්ග්ලක් ෂිනවත්‍රා ගේ රජයට එරෙහිව තමන් ගෙනයන අරගලයට සහය වන්නැයි යුධ හමුදාවෙන් ඉල්ලා සිටි ඔවුන් පසුව කළබල කිරීමකින් තොරව ඉවත්ව ගියහ.

අගමැතිනි යින්ග්ලක් ට එරෙහිව නැගී ඇති චෝදනාව වන්නේ ඇය ඇගේ සොහොයුරු, බලයෙන් පහකෙරුණු හිටපු අගමැති, තක්ෂින් ෂිනවත්‍රා ගේ බලපෑම් වලට යටත්වී කටයුතු කිරීමයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග චන්ද විමසීමෙන් පහසුවෙන් බේරී යාමට සමත්වූ අගමැතිනි යින්ග්ලක් ඉක්මන් මැතිවරණයක් පිලිබඳ කිසිදු සැලසුමක් නැති බව පැවසුවාය.

උද්ඝෝෂණ පැවති සතියක කාලය තුළ රජය සතු ගොඩනැගිළි අත් පත් කරගෙන සිටීම පිළිබඳව උද්ඝෝෂකයන් වෙත හමුදාවෙන් සුළු විරෝධයක් එල්ලවීය .