බංග්ලාදේශයේ ගැටුම්

Image caption විරෝධතා ව්‍යාපාරයක නිරත බංග්ලාදේශ් ජාතික පක්‍ෂයේ ආධාර කරුවන්

බංග්ලාදේශයේ විපක්ෂ ක්‍රියාකාරිකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් මගින් අඩු තරමින් එක් පුද්ගලයකු වත් මර දැමුණ අතර, තවත් කීප දෙනකුට තුවාල සිදු වුන බව වාර්තාවෙයි.

ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන මහ මැතිවරණ සැලසුම්වලට විරෝධය පාමින්, ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්‍ෂය විසින් කැඳවනු ලැබ තිබුණ මාර්ග අවහිර කිරීමේ ව්‍යාපාරයක් අතරවාරයේ යි ගැටුම් සිදු වී තිබෙන්නේ.

බංග්ලාදේශ් ජාතික පක්‍ෂය සහ එම පක්‍ෂය සමඟ සිටින දේශපාලන කණ්ඩායම් කියා සිටින්නේ, භාරකාර පාලනයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා මග සලසමින් අගමැතිනි ෂේක් හසීනා පාලන බලයෙන් ඉවත් යුතු බවයි.

එහෙත් ආණ්ඩු පක්‍ෂය එම ඉල්ලීම බැහැර කරනු ලැබ ඇත.

එම කාරණය මුල් කර ගෙන බංග්ලාදේශය තුල පැතිර යමින් පවතින ගැටුම් වලදී සඳුදා පටන් මේ වන විට විසි දෙනකු වත් මරා දමා ඇති අතර, විපක්ෂ නායකයන් කීප දෙනකු ම අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර