ඉල්ලා අස් වෙන්නේ නෑ - තායිලන්ත අගමැතිනි

Image caption උද්ඝෝෂකයන් පෙරට වඩා තරජ්නාත්මක අයුරින් හැසිරෙන බව වාර්තාකරුවෝ පවසති

විරෝධතාවාදීන් රජයේ ගොඩනැගිලි අවට ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල නිරත වී සිටියදී ප්‍රකාශයක් කළ තායිලන්ත අගමැතිනි යින්ලක් ශිනවත්, පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය.

උද්ඝෝෂකයන්ගේ නායකයකු සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කළ අගමැතිනිය, සාකච්ඡාවලට තමන් සූදානම් නමුත් තමන්ගේ ආණ්ඩුව වෙනුවට භාරකාර මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියාය.

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ කැරලි මර්ධක පොලිසිය, ආරක්ෂක කපොලු කඩා දමමින් ආණ්ඩුවේ කාර්යාලවලට කඩා වැදීමට තැත් කළ පුරුෂයන් පලවා හැරීම පිණිස පළමු වරට රබර් උණ්ඩවලින්ද වෙඩි තැබුවේය.

උද්ඝෝෂණවලට එක් වී සිටින්නේ පසුගිය දිනවලට සාපේක්ෂව අඩු පිරිසක් බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, කෙසේ නමුත් ඔවුන් පෙරට වඩා තරජ්නාත්මක අයුරින් හැසිරෙන බවද සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර