චීන - ඇමෙරිකානු මතභේද තවත් උග්‍ර වෙයි

චීනයේ සිටින ඇමෙරිකානු මාධ්‍යවේදීන්ට බලධාරීන් සලකන ආකාරය සම්බන්ධයෙන් වොෂින්ටනය සහ බේජිං පාලනය අතර මතු වී පැවති මතභේද තවත් ගැඹුරු තත්වයකට පත් වී ඇතැයි එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බයිඩන්(Joe Biden) ප්‍රකාශ කරයි.

බේජිං අගනුවර සංචාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ පැවැත්වූ කතාවක දී ඇමෙරිකානු උප ජනාධිපතිවරයා කියා සිටියේ, තර්ජන පිළිබඳ භීතියෙන් තොර ව සත්‍යය වාර්තාකරණයට පුවත්පත් වලට නිදහස් ඇත්නම්, නව අදහස් මෝදු වෙන බවයි.

චීන පාලනයේ ඉතා ඉහළ ම මට්ටමේ නායකයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් අති විශාල ධන සම්භාරයක් එක්රැස් කර ගනු ලැබීම පිළිබඳ ව තොරතුරු වාර්තා කිරීමෙන් පසු,එරට ක්‍රියාත්මක වෙමින් ඇති විදේශීය ජනමාධ්‍ය ආයතන ගණනාවක් ම මේ වන විට දැඩි බලපෑමකට ලක් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එවැනි මර්දනයකට ලක් ව ඇති ජනමාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කිරීම බේජිං බලධාරීන් විසින් ප්‍රමාද කරනු ලැබෙන අතර,එම මාධ්‍ය ආයතනවල අන්තර්ජාල වෙබ් අඩවි වලට බාධා කිරීම් ගැනත් වාර්තාවෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර