උතුරු කොරියාව ඇමරිකානුවකු පිටුවහල් කරයි

කොරියානු යුද්ධය පැවති සමයේදී සතුරු ක්‍රියා කළ බවට චෝදනා ලැබ සිටි අසූ පස් වියැති ඇමරිකානු සංචාරකයෙක් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙමින් සිටියදී රඳවාගනු ලැබ සිට එරටින් පිටුවහල් කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙසේ රැඳවුම් භාරයට පත් මෙරිල් නිව්මන් නිදහස් කොට යවා ඇත්තේ ඔහු සමාව අයැදී නිසා මෙන්ම ඔහුගේ වයස සැලකීමෙන් බව උතුරු කොරියානු රාජ්‍ය ප්රවෘත්ති ආයතනය පැවසීය.
බේජිං හිදී මාධ්‍ය කරුවන් වෙත අදහස් දැක්වූ විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයෙක් වූ නිව්මන් කියා සිටියේ නිදහස් වී යාමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවයි.
ඔහු රැඳවුම් භාරයට පත්වී ඇත්තේ සංචාරක ආයතනයක් මගින් සංවිධානය කෙරුණු උතුරු කොරියාවේ සංචාරයක නිමාවේදී වන අතර නිව්මන් ගේ පුතු පැවසූ පරිදි එය තම පියාගේ දිගු කාලීන සිහිනයක් සැබෑවීමක් බවයි.
මේ අතර දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති ජෝ බිදෙන් නිව්මන් නිදහස් කිරීම පිලිබඳව තම සතුට පළ කළේය.