චීනය සඳ ජය ගනී

China-moon
Image caption මෙයට පැයට මීටර දෙසීයක වේගයෙක් සහ අංශක 30 ක බෑවුම් නැගීමේ හැකියාවක් ද ඇත

දෙසැම්බර් 14, දහවල් 1.30 වන විට තම අභ්‍යවකාශ යානය සඳ මත ගොඩ බැස්සවීම තුලින් චීනය සඳ ජයගැනීමේ මෙහෙයුම ඉදිරියට ගෙනයාමට සැරසෙයි.

මීට වසර හතළිහකට පෙරය ප්‍රථම වරට සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වන ලද්දේ.

මෙම චීන සඳ තරණය සාර්ථක වුව හොත් ඇමරිකාවට හා රුසියාවට අමතරව සඳ මතට අභ්‍යවකාශ යානයක් යවා ගවේෂණයක යෙදුණු තෙවැනි රට බවට චීනය පත් වෙයි.

මිනිසුන් රහිත මෙම යානය සඳ මතුපිට “දේදුණු නිම්නය” ලෙසින් නම් කෙරුණු ගිනිකඳු සහිත සමතලා බිම ස්පර්ශ කිරීමට නියමිතයි.

ඉන් පසු එතුලින් මුදා හැරෙන රෝද සයක් සහිත රොබෝ වාහනයට පැයට මීටර දෙසීයක වේගයෙන් ධාවනය වීමට සහ අංශක 30 ක් දක්වාවූ බෑවුම් මත නැගීමේ හැකියාව ද ඇත.

මීට ඉහත ඇමරිකාව සහ රුසියාව විසින් සඳ මත භාවිතා කෙරුණු උපකරණ වලට වඩා සුක්ෂම උපකරණ මෙම රොබෝ වහනය ට එක්කර ඇති බැවින් සඳ මතුපිට පස හා පෘෂ්ඨය පිලිබඳ වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුක්තය.