බංග්ලාදේශයේ දිගටම විරෝධතා

Image caption ආණ්ඩුවේ ගොඩනැගිලි හා පොලිස් ස්ථාන ගිනි බෝම්බ ප්‍රහාර වලට ලක්විය

විපක්ෂයේ ඉස්ලාමීය නායකයකු බ්‍රහස්පතින්දා එල්ලා මැරීමෙන් අනතුරුව බංග්ලාදේශයේ ඇවිල ගිය විරෝධතාවලින් අඩුම වශයෙන් තුන් දෙනකු මරුමුවට පත්වී තිබේ.

රජයේ සන්නද්ධ සේනා සහ සමස්ත මහා වැඩ වර්ජනයක් දියත් කර ගන්නට උත්සාහ කරන ඉස්ලාමීය පක්ෂයේ ආධාරකරුවන් අතර රටේ උතුරු පළාතේ ඇතිවූ ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව දෙකක්.

වාර්තා වල දැක්වෙන පරිදි ඉස්ලාම් වාදීන් බවට සැක කැරෙන පිරිසක් විසින් පලි ගැනීම සඳහා කළ ප්‍රහාරයකින් පාලක අවාමි ලීගයේ ආධාරකරුවකු ද මිය ගොස් තිබේ.

බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස දිනා ගැනීම සඳහා 1971 කළ යුද්ධයේ දී මානව වර්ගයාට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙනුයි ඉස්ලාම් නායක අබ්දුල් කාදර් මොල්ලාට මරණීය දණ්ඩනය දෙන ලද්දේ.

ආණ්ඩුවේ ගොඩනැගිලි හා පොලිස් ස්ථාන ගිනි බෝම්බ ප්‍රහාර වලට ලක්විය.

සාමය ඉල්ලා සිටිමින් දහස් ගණන් ව්‍යාපාරිකයෝ ඩකා අගනුවර ඇතුළු ප්‍රධාන නගර වල පේලි ගැසී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර