රුසියාවේ සුප්‍රකට සිරකරු කොඩරොව්ස්කි මුදා හැරීමට ඉඩක්

මිහායිල් කොඩරොව්ස්කි
Image caption මිහායිල් කොඩරොව්ස්කි

රුසියාවේ සුප්‍රකට සිරකරුවකු වන මිහායිල් කොඩරොව්ස්කි ඉක්මනින් මුදා හැරීමට ඉඩකඩ ඇති බව ජනාධිපති පුතින් කියා සිටියේය.

කොඩරොව්ස්කි වසර දහයකට අධික කාලයක් බන්ධනාගාර ගත කරනු ලබා සිටින ධනවතෙක්.

මූල්‍ය වංචා යටතේ සිර කරනු ලැබීමට පෙර ඔහු ‘යුකොස්’ඛනිජ තෙල් සමාගමේ ප්‍රධානියා විය.

ජනාධිපති පුතින්ගේ පිළිවෙත් විවේචනය කළ කොඩරොව්ස්කි නිතරම කියා සිටියේ ඔහුට එරෙහි චෝදනා වලට නිවැරදිකරු බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ මවට අසනීප බව පවසා කොඩරෝව්ස්කි සමාවක් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු සිටියේ තව මාස කිහිපයකින් නිදහස් වී යාමටයි.

සිසිර ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබියදී රුසියාව ජාත්‍යන්තර අවධානය දිනා ගනිද්දී, රුසියානු පාර්ලිමේන්තුව සිරකරුවන්ට පුළුල් ක්ෂමාවක් අනුමත කොට තිබෙනවා.