ගිනිගත් බංග්ලාදේශ කම්හලේ හිමිකරුට නඩු පැවරේ

මීට වසරකට පමණ ඉහතදී කම්කරුවන් එකසිය එකොලොස් දෙනකුට මරු කැඳවමින් ඩකා අගනුවර කම්හලක හටගත් ගින්න සම්බන්ධයෙන් බංග්ලාදේශ පොලිසිය සැකකරුවන් දහ තුන් දෙනකුට එරෙහිව නඩු පැවරීය.
කම්හලේ හිමිකරු සහ කළමනාකරුද ඒ අතර සිටිති.
කම්හලේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම මගින් සේවකයන්ගේ මරණවලට වග කිය යුතු බව ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
බංග්ලාදේශ නිමි ඇඳුම් කම්හලක හටගත් බරපතම ගින්න එය වූ අතර, නිමි ඇඳුම් කර්මාන්තයේ සේවක ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමින් එම ගින්නෙන් අනතුරුව ප්රබල ඉල්ලීමක් මතු විය.