දිල්ලියේ දුෂණ විරෝධීහු කොන්ග්රසය සමඟ එක්වෙති

අලුතින් පිහිටුවා ගන්නා ලද ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂයක් ඉන්දීය කොන්ග්රස් පක්ෂය සමඟ එක්වී දිල්ලියේ ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවන බව නිවේදනය කර තිබේ.
අරවින්ද් කේජිර්වාල් ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි පක්ෂය (AAP) හෙවත් පොදු ජනතා පක්ෂය අනපේක්ෂිත අයුරින් මේ මස මුලදී පැවති දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ දී ඉහල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් නමුත් තනිව ම ප්‍රාන්ත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබා ගැනීමට අපොහොසත් විය.
ප්‍රධාන විරුද්ධ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් නමුත් දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීම සඳහා ඔවුනට කිසිදු සුළු පක්ෂයක සහයෝගය නොලැබුණි.