බ්‍රිතාන්‍ය ගුවන් යානයක් කාර්යාලයක හිර වෙයි

මගී ප්‍රවාහන ජෙට් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී ගුවන් ගත කිරීමට උත්සාහ කරද්දී කාර්යාල ගොඩනැගිල්ලක ගැටී ඇත.

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානයේ තටුවක් ඉහත කී කාර්යාල ගොඩනැගිල්ලේ ගැටී ඇති අතර එහි සිටි හතර දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

අනතුර සිදුවන මොහොතේ ගුවන් යානය තුළ මගීන් දෙසීයකට අධික පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ.